ඉන්දියාවේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 151,876ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනයේදී පමණක් ඉන්දියාවෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1,083ක්.
ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 4,346ක්.
මේ වන විට ආසාදිතයින් 64,426දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර, තවත් පුද්ගලයින් 83,104 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන බව එරට මාධ්‍ය වාර්තා සදහන් කරයි.
රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගෙන් 8,944දෙනෙකු අසාද්‍ය තත්ත්වයේ පසුවන බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
