වායු දූෂණේ හින්ද මිනිස්සුන්ට පිරිසිදු ඔක්සිජන් දෙන්න කියල ඉංදියාවෙ නවදිල්ලියෙ ඔක්සිජන් බාර් එකක් ඇරල. විනාඩි 15කට ගාණ ලංකාවෙ සල්ලි වලින් රු.750 ඉඳන් 1250 වෙනකන්.එම මුදල බොහෝ පිරිසකට ගෙවා ගත නොහැකිවන අතර ඔක්සිජන් වායුව සැපයීම වායු දුෂණයට පිලියමක් නොවන බව විශේෂඥයින් පවසයි.
පිරිසිදු ඔක්සිජන් කිවුවට මෙතන තියෙන්නෙ දොඩම් කුරුඳු ලැවෙන්ඩර් වගේ සුවඳ ජාති 7ක් .
පරිසර වේදීන්ට මේක ඉතාම නරක පූර්වාදර්ශයක් හැටියටයි පේන්නෙ. වායු දූෂණේ ඉතාම වැඩි දිල්ලියෙ මිනිස්සුන්ට විනාඩි 15කින් මොනාද කරන්න පුලුවන්? අනික මෙතන තියෙන්නෙ සුවඳ වර්ග විකුණා ගැනීමක් නෙවෙයිද? වායු දූෂණේ අඩු කරන්න කලයුතු දේවල් කරන්නෙ නැතුව, ගහක් දෙකක් වවන්නෙ නැතුව ව්‍යාපාරිකයො මේ වගේ විකල්ප වලට එළඹෙන එක ඉතා අයහපත් බව පරිසර වේදියො කියනව.
මේ ආකාරයෙන් ඉන්දියාවේ පවතින දැඩි වායු දුෂණය හේතුවෙන් ප්‍රදේශ රැසක පාසල් වසා දැමීම, ඉදිකිරීම් නැවතීම සහ රථවාහන ධාවනය කිරීම සීමා කිරීම සිදුකර ඇත.
