කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් ලබන පෙබරවාරි මාසය වනවිට අමෙරිකානුවන් මිලියන භාගය ඉක්ම වූ සංඛ්‍යාවක් මියයනු ඇතැයි නවතම අධ්‍යයනයක් පෙන්වා දී තිබෙනවා.
වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිති හා ඇගයීම් ආයතනයේ පර්යේෂකයින් විසින් එම අධ්‍යයනය කර තිබෙනවා.
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ 29,280 ක් මේ වනවිට අමෙරිකාවෙන් වාර්තා වනවා.
එම ප්‍රමාණය පෙබරවාරි වනවිට පන් ලක්ෂය ඉක්මවනු ඇතැයි අදාළ පර්යේෂකයින් පෙන්වා දෙනවා.
මුව ආවරණ පැළඳීම දිගින් දිගටම ක්‍රියාත්මක කළහොත් ඉන් මරණ එක් ලක්ෂ තිස් දහසක් වළක්වා ගත හැකි බවයි ඔවුන් පවසන්නේ.
මුව ආවරණ පැළඳීම සම්බන්ධයෙන් අමෙරිකාව නිශ්චිත නීති මාලාවක් ක්‍රියාත්මක කරන්නේ නැහැ.
අමෙරිකාවෙන්කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 87 ලක්ෂ 45,226 ක් මේ වනවිට වාර්තා වනනවා.