Gossip

ඉදිරිපස බුදු මැඳුරට ගල් ප‍්‍රහාරයක්

යාපනයේ නාග විහාරයේ තොරණ ඉදිරිපස වූ බුදු මැඳුරට 9 දා රාත‍්‍රි කිසියම් පිරිසක් විසින් ගල් ප‍්‍රහාරයක් එල්ල කිරීම නිසා බුදු මැඳුරේ වීදුරුවලට දැඩි ලෙස හානි සිදුව තිබේ.

යාපනයේ නාග විහාරයේ ආරක්ෂාවට යුද හමුදාවේ හා පොලිසියේ පිරිසක් යොදවා සිටියදී මේ ප‍්‍රහාරය එල්ල වී තිබේ.

යාපනයේ නාග විහාරයේ තොරණ

මේ ප‍්‍රහාරයෙන් බුදු මැඳුරේ වීදුරුවලට පමණක් හානි සිදුව ඇති අතර බුද්ධ ප‍්‍රතිමාවට හානි සිදුව නොමැත.

මේ ප‍්‍රහාරය සම්බන්ධයෙන් මේ වනතුරු කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර යාපනය පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!