කොරෝනා වසංගතය හේතුවෙන් ඉතාලියෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් ඇත.
සඳුදා වනවිට ඉතාලියෙන් මරණ 566 ක් වාර්තා වූ අතර එය ඉරිදා දිනයේදී වාර්තා වූ මරණ ගණනට වඩා 135ක වැඩිවීමකි.
සඳුදා උදෑසන වනවිට ඉතාලියෙන් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ ගණන 20,645ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
සඳුදා වාර්තා වූ මරණවලින් හරි අඩක් වාර්තා වූයේ උතුරු ඉතාලියේ ලොම්බාර්ඩි ප්‍රදේශයෙනි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව ඉතාලියෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 159,516කි.
