Gossip

ඉතාලියේ කොරෝනා මරණ තිස්දහස ඉක්මවයි

ඉතාලියෙන් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ (08දා )  30,000 ඉක්මවා ගියේය .ඉතාලියෙන් මේ වන විට වාර්තා වී ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 30,201 ක් වන අතර ඉකුත් පැය 24 තුළදී එරටින් කොරෝනා මරණ 243 ක් වාර්තා වී තිබු බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇමරිකා එක්සත් ජනපදයට හා එංගලන්තයට පසු ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති තුන්වැනි රට ඉතාලියයි. ගත වූ පැය 24ක කාලය තුළදී ඉතාලියෙන් කොරෝනා ආසාදිතයින් 1,327ක් වාර්තා වී ඇති අතර මේ අනුව එරටින් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 217,185 කි.

කොරෝනා වෛරසයෙන් දරුණු ලෙස බැට කැ ඉතාලිය කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා රට අගුලු දැමු ප්‍රථම යුරෝපා රට වන අතර මේ සතියේ සිට එරට අගුලු දැමීම ලිහිල් කිරීම ආරම්භ කරන ලද්දේ එළිමහනට යාමේදී සමාජ දුරස්ථභාවය රකිමින් පොදු ස්ථානවලට යාමේදී මුහුණු ආවරණ පලඳින ලෙස ජනතාවට උපදෙස් ලබා දෙමිනි ,එහෙත් රජයේ උපදෙස් ගණනකට මායිම් නොකළ බහුතර ඉතාලි ජාතිකයින් මේ වන විට සමාජ දුරස්ථභාවය පිලිබඳ නීති කඩ කරමින් හා මුහුණු ආවරණ නොපැළඳ  පොදු ස්ථානවල ගමන් කිරීම එරට සමාජ මාධ්‍ය ජාලවල කථා බහට ලක්ව තිබේ.

ඒමන්ති මාරඹේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!