Gossip

ඉතාලියේත් කොරෝනා මරණ සෙමින් පහළට : අසාදිතයන් වාර්තාවීමත් 800කින් අඩුවෙයි

ලොව තෙවැනි වැඩිම කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාවක් හා දෙවැනි වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඉතාලියේ ගත වූ පැය 24ක කාලය තුළ දී  වාර්තා වන නව වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව පෙර දිනට වඩා 800කින් පමණ අඩු වී ඇති බව එරට රජය නිවේදනය කළේය .

කෙසේ වුවද එරටින් දිනපතා වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව සුළු වේගයකින් වුවද දිනෙන් දින වර්ධනය වෙමින් පවතින බව රජය කියයි දැනට පවතින තත්ත්වය යටතේ ඉතාලියේ නව කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව දිනපතා වර්ධනය වනුයේ සියයට 1.7කට වඩා අඩු වේගයකින්  බව අනාවරණය වී තිබේ .

අද දිනයේ ඉතාලියෙන් කොරෝනා ආසාදිත මරණ 454ක් වාර්තා වී තිබේ .අද රාත්‍රී 9.30 වන විට ඉතාලියෙන් වාර්තා වී තිබු මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 178,972 ක් වූ අතර කොරෝනා මරණ සංඛ්‍යාව 23,660ක් විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!