වාහන පදවන රියදුරන් පාරෙදි දකින්න අකමැතිම කට්ටිය කවුද කියලා ඇහුවොත් හැමෝම කියයි පොලිස් නිළධාරීන් කියලා.
ඒ තරමටම ගොඩක් කට්ටිය මේ අය ගැන දක්වන්නේ හොඳ ආකල්පයක් නෙවෙයි.
එහෙත් අපි මේ කියන්න යන්නේ අනුරාධපුර පොලිසිය කරපු අමුතු වැඩක් ගැන.
ඒ තමයි වාහනවල වේගය අඩු කරන්න පොලිස් නිළධාරීන්ගේ රුව සහිත පුවරු පාර අයිනේ හිටවලා තියෙනවා.
මේ රුව ඈතට දකින රියදුරන් දකින්නේ ඇත්තටම පොලිස් නිළධාරියෙක් ඉන්නවා කියලා. කොහොමවුනත් මේ බොරු පොලිස් නිළධාරියාට ගොඩක් කට්ටිය රැවටෙනවාලු.
ඒ වගේම ඉතින් කියන්න ඕන රියදුරන් පොලිසියට කොච්චර බැන්නත් පොලිස් නිළධාරීන් මේ හැම උත්සාහයක්ම ගන්නේ තවත් අනතුරක් වෙන එක වළක්වන්නයි. ඒ නිසා රථවාහන පොලිසියේ අයට බනින්න කළින් මේ අයගෙන් වෙන සේවාව ගැනත් හිතුවනම් හොඳයි.
