Gossip News

ඇඹිලිපිටිය ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය සහ පොලිසියේ 07ක් ස්වයං නිරෝධායනයට

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන සිය සැමියා නිවාඩුවට පැමිණ යාම හේතුවෙන් ඇඹිලිපිටි ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය සහ පොලිස් නිලධාරීන් 07දෙනකු දින 14ක කාලයක් ස්වයං නිරෝධායට ලක්කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඇඹිලිපිටිය ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරියගේ සැමියා වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරනු ලබන අයකු වන අතර ඔහු පසුගිය 12 වැනිදා නිවාඩු ලබා පැමිණ 20 වැනිදා දක්වා ඇඹිලිපිටිය මහෙස්ත‍්‍රාත්වරියගේ නිල නිවසේම ගත කර තිබේ.
20 වැනිදා නිවාඩු අවසන් වීමෙන් පසු ඔහු නැවතත් වැලිසර නාවික හමුදා කඳවුරට ගොස් ඇත. 22 වැනිදා එම කඳවුරෙන් කොරෝනා ආසාදිත සෙබළකු වාර්තා වීමත් සමග සෙබළුන් සියලූම දෙනා පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ. නමුත් ඇඹිලිපිටිය ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරියගේ සැමියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙතෙක් අනාවරණය වී නොමැති බව අප කළ විමසීමකදී සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසුවේය.
සිය සැමියා පැමිණ ගියාට පසුව ද පසුගිය 22 වැනිදා මහෙස්ත‍්‍රාත්වරිය සෞඛ්‍ය උපදෙස්වලට අනුව නඩු කිහිපයක් ද විභාගයට ගෙන කල් දමා තිබේ. කෙසේ වෙතත් වැලිසර නාවික හමුදා කඳවුරෙන් කොරෝනා රෝගීන් වාර්තා වීමත් සමග ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත්වරිය සිය කැමැත්තෙන්ම සිය නිල නිවස තුළ ස්වයං නිරෝධායනයට ලක්ව තිබේ. වෙනත් එක් අධිකරණ නිලධාරියකු හෝ මේ වන විට නිරෝධායනයට යොමු කර නැතත් වෙනත් අයගෙන් වෙන් කර හුදකලා වී සිටින ලෙසට සෞඛ්‍ය අංශ උපදෙස් ඔවුන්ට උපදෙස් දී තිබේ.
මීට අමතරව මහෙස්ත‍්‍රාත් වරියගේ සැමියා නිල නිවසේ රැුඳී සිටි කාලයේදී නිල නිවසේ රාජකාරියේ නිරත වූ බව කියන පොලිස් නිලධාරීන් 07දෙනකු ද මේ වන විට ඔවුන්ගේ නිවෙස්වලම ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!