කොරෝනා වෛරසය හේතුවෙන් ඇමෙරිකාවේ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 40,565 දක්වා ඉහළ ගොස් තිබේ.
ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කළේ ගත වූ පැය 24 තුළ මරණ 1537ක් සිදුව ඇති බවයි.
ඇමෙරිකාව තුළ මේ වන විට සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවෙන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ නිව්යොර්ක් ප්‍රාන්තයෙන් වන අතර, එම සංඛ්‍යාව 18,298කි.
නිව්යෝර්ක් ප්‍රාන්තයේ ආසාදිතයින් සංඛ්‍යාව 247,215ක් වේ.
ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 764,265කි.
ඉන් 13,566 දෙනෙකු ඉතාමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරයි.
