Gossip

ඇමරිකාව අසරණ කරන කොරෝනා. එක් දිනක් තුල ආසාදිතයින් 71,695

නව කොරෝනා වෛරසය ඇමෙරිකාව තුළ ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර මේ වන විටත් වෛරසයේ පාලනය ගිලිහී ගොස් තිබෙන බව විදේස් මාධ්‍ය වාර්තා කරයි. ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 71,695ක් වාර්තා වී ඇති බව ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාල වාර්තා සඳහන් කරන්නේ.

ඊයේ දිනයේදී 1,195 දෙනෙක් වෛරසය ආසාදනය වීම නිසා මිය ගොස් ඇත. මේ වන විට ඇමෙරිකාව තුළ සමස්ත ආසාදිතයින් 3,970,906 ක් වාර්තා වන අතර මරණ 150000 ක් සිදු වී ඇත. ප‍්‍රාන්ත 50 ක් තුළ ම වෛරසය ව්‍යාප්ත වී තිබෙන බව එරට වාර්තා හෙළි කර තිබේ. යම් දුරකට හෝ වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා මුඛ ආවරණ පළඳින ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබුණ ද රටේ මුල් පුරවැසියා ලෙස ජනාධිපති ට‍්‍රම්ප් විසින්ම එය නොසලකා හැර ඇත. එහෙත් මේ වන විට මුහුණු ආවරණයක් පළඳින්නේ නම් හොඳයි යන තත්ත්වයට ඔහු ද පත්ව තිබේ. මේ අතර කොරෝනා මර්දන වැඩපිළිවෙළි යටතේ සාත්තු නිවාස හා රජයේ ප‍්‍රවීණයන්ගේ නිවාස වෙත ඩොලර් බිලියන 5 ක් වෙන් කිරීමට ද ට‍්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබෙන බව එරට මාධ්‍ය කියා සිටියි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!