Gossip

ඇමරිකාවේ ලොම් සඳහා ඇති කරන ‘මින්ක්’ සතුන් විශාල සංඛ්‍යාවක් කොරෝනා නිසා මිය ගිහින්…

ඇමරිකා එක්සත් ජනපදයේ උටා ප‍්‍රාන්තයේ ගොවිපළවල් දෙකක සිටි ‘මින්ක්’ නමැති සත්ත්වයින් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇතැයි ඇමරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. මෙය ඇමරිකාවෙන් එම සතුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගනු ලැබූ පළමු අවස්ථාව සේ සැළකේ .

මෙම සතුන් හා සමීපව සිටි පුද්ගලයින් කිහිපදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ලොම් ලබා ගැනීම සඳහා ඇමරිකාවේ මහා පරිමාණයෙන් ඇති කරනු ලබන අඳුරු පැහැති ‘මින්ක්’ සතුන් විශාල සංඛ්‍යාවක් පසුගිය දිනවල ඔවුන් ඇති කරනු ලබන ගොවිපළවල මිය ගොස් සිටීම නිසා ඔවුන් පරීක්ෂණවලට යොමු කිරීමෙන් මෙම තත්ත්වය අනාවරණය කරගෙන තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!