ඉදිරි සිව් වසර සඳහාද ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයු කරන්නේ තමා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියා.
ඒ ජාතිය අමතමින් සිදුකළ දේශනයකදී.
මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඩිමොක්රටික් මන්ත්‍රීවරුන්ට දැඩි විවේචනයක්ද එල්ල කළා.
ඇමරිකානු ජනාධිපතිවරයා සිදුකළ කතාව අතරතුරදී නියෝජිත මණ්ඩලයේ කතානායිකා ඩිමොක්රටික් පාක්ෂික නැන්සි පොලොසි ක්‍රියා කළ අයුරු විදෙස් මාධ්‍යවල දැඩි අවධානයකට යොමුව තිබුණා.
ඇය ජනපති ට්‍රම්ප්ට අතට අත දීමට උත්සහ කළ එය සාර්ථක නොවූ නිසා ජනාපතිවරයාගේ කතාවේ පිටපත ඉරා දමමින් එම අවස්ථාවේදී ඇය ප්‍රතිචාර දැක්වුවා.
![](http://s3.amazonaws.com/adaderanawebgossip/wp-content/uploads/2020/02/06134958/tryrtytuy.jpg)
![](http://s3.amazonaws.com/adaderanawebgossip/wp-content/uploads/2018/12/12152648/logo-new-webgossip-2018.jpg)