ජෝර්ජ් ෆොයිඞ් අවසන් ගමන් යද්දී ඇමරිකාවේ ගුවන් හමුදා ප්‍රධානියා ලෙස කළු ජාතිකයකු පත් කෙරේ
ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කළු ජාතිකයකු වන ජෙනරාල් චාර්ල්ස් බ්‍රවුන් පත් කර තිබේ.
ඇමරිකානු සෙනෙට් සභාව විසින් ඒකමතිකව මෙම පත් කිරීම සිදු කර තිබේ.
ඇමරිකානු හමුදාවක ප්‍රධානියා ලෙස පත් කෙරුණු ප්‍රථම කළු ජාතිකයා මොහු වේ.
ජෝර්ජ් ෆොයිඞ්ගේ ඝාතනයෙන් පසුව එරට ඉහළ නැඟ තිබෙන වර්ණ බේදවාදයට මෙයින් කිසියම් සහනයක් ඇති වනු ඇත. ජෝර්ජ් ෆොයිඞ්ගේ අවමඟුල පසුගියදා විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.
මොහු වෘත්තියෙන් ගුවන් හමුදාවේ සටන් නියමුවෙකි. ඇමරිකාවේ ශාන්තිකර ගුවන් හමුදා බල ඝනයේ ප්‍රධානියා ලෙස මෑතක් වනතුරු ඔහු කටයුතු කළේය. ඔහු පියාසර පැය 2900 ක් සම්පූර්ණ කර තිබේ.
1984 දී ගුවන් හමුදාවට බැඳුණුු මොහු ටෙක්සාස් සරසවියෙන් අධ්‍යාපනය හදාරා තිබේ.
ඇමරිකානු ගුවන් හමුදාවේ කළු ජාතිකයන් සිටින්නේ සියයට පහළොවකට වඩා අඩු පිරිසකි. එම නිසා මෙම පත්කිරීම සුවිශාල පෙරළියක් ලෙස සැලකේ.
