Gossip

ඇමති තොණ්ඩමන්ගේ ආදාහනයට ගිය මාධ්‍යවේදියාට කොරෝනා ලක්ෂණ

හැටන් දිඹුල ප්‍රදේශයේ දමිල පුවත් පත් කිහිපයක ප්‍රාදේශිය මාධ්‍යයවේදියෙකු  වශයෙන් කටයුතු කරන අයෙකු සහ ඔහුගේ නිවසේ සිටි අයෙකුත් , රියදුරෙකුත් (02) දින සිට  දින 14 ක් ස්වයං නිරෝධනයට යොමු කල බව කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා පැවසිය.

අදාල මාධ්‍යයවේදියා අභවප්‍රාප්ත තොණ්ඩමන් මහතාගේ දේහය බත්තරමුල්ල
ප්‍රදේශයේ ඔහුගේ නිවසේ සහ ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ තැන්පත් කර තිබු
අවස්තාව මාධ්‍යය ආවරණ කටයුතු සදහා එම ප්‍රදේශයට ගොස් ආපසු පැමිණිමෙන්
අනතුරුව තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදු කිරිමෙන් පසු එම මාධ්‍යයවේදියාට
රෝග ලක්ෂණ කිහිපයක් මතු වි ඇති බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.

එම ප්‍රාදේශිය මාධ්‍යයවේදියා ඔහුට රෝගි ලක්ෂණ මතුවිම නිසා දික්ඔය මුලික රෝහල
වෙත ගොස් පි.සි.ආර් පරික්ෂණයක්ද සිදු කරගෙන ඇත.

පි.සි.ආර් පරික්ෂණ වාර්තාව ලැබිමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත්, යලිත්
වතාවක් පි.සි.ආර් පරික්ෂණයකට යොමු කරන බවත්, එතෙක් එම ප්‍රාදේශිය
මාධ්‍යයවේදියා අනෙකුත් දෙදෙනා හැටන් දිඹුල ප්‍රදේශයේ ඔහුන් පදිංචි නිවාස වලම
ස්වයං නිරෝධනයට යොමු කල බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා වැඩි දුරටත් කියා
සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!