එලැඹෙන සඳුදා (20 වැනිදා) දිනයේ සිට දිවා කාලයේදී රට පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබෙනවා.
මේ අනුව දිනපතා පෙ.ව. 6.00 ට ඉවත් කෙරෙන ඇඳිරි නීතිය යළි පැනවෙන්නේ රාත්‍රී 8.00 ටය. කෙසේ වෙතත් අවදානම් කලාප ලෙස හඳුනාගෙන දැනට වසා දමා ඇති ප්‍රදේශ තවදුරටත් එලෙසින්ම පවතිනු ඇතැයි වාර්තා වනවා.
දිවා කාලයේ ඇඳිරි නීතිය ඉවත් කළ ද සේවයට කැඳවීමට නියමිතව ඇත්තේ රජයේ සේවකයන්ගෙන් 20% ක ප්‍රමාණයක් බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
පෙ.ව. 6.00 ට ඇඳිරි නීතිය ඉවත් කළ ද පෞද්ගලික අංශයට රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නිර්දේශ වී ඇත්තේ පෙ.ව. 10.00 ටය.
රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්යාල කටයුතු ආරම්භ වුවත් සියලුම සේවකයන්ට රාත්‍රි 8.00 වන විට නිවෙස්වලට යෑමට හැකිවන පරිදි සේවා මුර සකස් කර ගත යුතුවනු ඇත.
