මේ වන විට නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල අද (09) ඖෂධ සැල්, සතොස වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් විවෘතව පවතින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
නිවසේ සිට ඇවිද යා හැකි දුරක පවතින වෙළඳසැල් සඳහා පමණක් ගමන් කරන්නැයි හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.
