කොවිඩ් – 19 ආසාදිත බවට තහවුරු වී ඇති ජල සම්පාදන සහ ජලාපවහන රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර පසුගිය ජනවාරි 5 වැනිදා සිය අමාත්‍යංශ පරිශ්‍රයේදී තවත් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිය උපන් දිනය වෙනුවෙන් සාදයක් පවත්වා තිබෙනවා.
රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත සහ අමාත්‍යාංශ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම ඇතුළු නිලධාරීන් සහ අමාත්‍යංශයේ සේවක පිරිසෙන් බහුතරයක් එම උත්සවයට සහභාගි වී තිබෙනවා.
ඇමැතිවරයාගේ ෆේස්බුක් ගිණුමේ පළකර ඇති ඡායාරූපවලට අනුව තමා වෙනුවෙන් නිර්මාණය කළ කේක් කපා රාජ්‍ය ඇමැති සනත් නිශාන්තට සහ එහි සිටි පිරිසට ඇමැතිවරයා විසින් කේක් කවන ආකාරයද දැක්වෙනවා.



