මාතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළමු සැකකරු වූ චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නමැත්තා පසුගියදා පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වුණා.
ඒ ඔහු විසින් පොලීසිය වෙත අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ කළ අවස්ථාවේ පොලීසිය සිදු කළ වෙඩි තැබීමක් හේතුවෙන්.
මෙලෙස ජීවිතක්ෂයට පත් චාමර ඉන්ද්‍රජිත් සහ දැනට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන කොස්ගොඩ තාරක නමැත්තා පසුගිය සමයේ ආන්දෝලනයට තුඩු දුන් ඝාතන රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි පුද්ගලයින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
මාතර ස්වර්ණාභරණ අලෙවිසලක් කොල්ලකෑමට පැමිණි සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් සහ පොලිස් නිලධාරීන් අතර එම අලෙවිසල ඉදිරිපිට මහාමාර්ගයේ වෙඩිහුවමාරුවක් සිදු වූ අතර එම සිදුවීමට අදාළව ආරක්ෂිත කැමරාවල සටහන් වූ තවත් දර්ශන මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී තිබුණා.
මේ අතර මෙම කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළමු සැකකරු වන වේයන්ගොඩ පදිංචි තලුක්කුවේ කම්කානම්ගේ චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නමැත්තා සිදුවීමෙන් පැය කිහිපයක් ඇතුළත අත්අඩංගුවට ගැනුණේ හුණුකොටුව ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදීය.
ඔහුගේ අවසන් කටයුතු මේ අයුරින් සිදුකර තිබුණා.
