අවන්හලක නර්තන ශිල්පිණියක් ලෙස සේවය කළ සුරූපී තරුණියක් ඝාතනය කර තිබෙනවා.
මෙම තරුණියගේ අනියම් පෙම්වතා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දියාවෙන් මෙම සිදුවීම වාර්තා වූ අතර නිශා ජෝති මීට කලකට පෙර 30 හැවිරිදි වියේ පසුවූ ප්රි ටෙස් පටෙල් නැමැති තරුණයෙකු හා පෙමින් බැඳී තිබුණා.
පසුගියදා නිශාගේ උපන් දිනය සැමරීම සඳහා හෝටලයක් වෙත ගොස් තිබුණු අතර එහිදී නිෂා පිළිබඳව සැක සිතූ පටෙල් ඇය හා බහින්බස්වී තිබෙනවා.
මෙම සිද්ධියෙන් පසුව නිශාව ඝාතනය කර ඇති බවටයි ඉන්දීය පොලිස් වාර්තා සඳහන් කරන්නේ.
පටෙල් නැමැති විවාහක තරුණයා තම අනියම් පෙම්වතියට ඒ වන විටත් මුදලින් රුපියල් කෝටියක් පමණ වියදම් කර තිබූ බවත් සඳහන්.
සැකකාර පෙම්වතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මියගිය නිශාගේ නිසල සිරුර ගොවිපළක තිබී සොයා ගෙන තිබුණා.
