ඇදිරි නීතිය පැනවූ බවට ජනපති මාධ්‍ය ඒකකයේ ලිපි ශීර්ෂයක සාවද්‍ය පුවතක් සඳහන් කර සමාජ මාධ්‍යයේ පළ කළ තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ වයස අවුරුදු 18ක තරුණයෙක් මීටියාගොඩ ප්‍රදේශයේදී රහස් පොලීසිය අත්අඩංගුවට පත් වූ බවයි.
අත්අඩංගුවට ගත් මෙම තරුණයා හෙට (09) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත යොමු කිරීමට නියමිතයි.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා, මේ බව කීය.
වැරදි පුවත්වලට නොරැවටෙන ලෙසත් එවැනි පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ ශෙයර් කිරීම ෆෝවඩ් කිරීම නොකරන ලෙසත් ජනතවගෙන් ඉල්ලා සිටි අජිත් රෝහණ මහතා,අසත්‍ය පුවත් නිර්මාණය කර වාර්තා නොකරන ලෙස ද ඉල්ලීමක් කළේ ය. එවැනි සිදුවීම් විමර්ශනය කර එවැනි අය අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද පැවසීය.
