අවුරුදු 18ක් වයස තරුණියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකරගත් පුද්ගලයෙක් ඇයව ලැගුම්හලකට රැගෙන ගොස් අනිසි ලෙස ලිංගික හැසිරීමකින් පසුව ඔහුගේ ජංගම දුරකථකයෙන් පටිගතකරගත් දර්ශණ වෙනත් දුරකථනවලට යවා සමාජ ගත කරපු සිදුවීමක් මාතර පොලිසියට පැමිණිලි කර තිබෙනවා. මෙසේ පැමිණිල්ල සිදුකර තිබෙන්නේ සිදුවීමට මුහුණ දුන් තරුණියයි.
බෙලිඅත්තේ පදිංචි මේ තරුණිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකරගත්ත පුද්ගලයා ඇයව හොර රහසේ මාතර ලැගුම් හලකට රැගෙන විත් තිබෙනවා.
එම ලැගුම් හලේදී දෙදෙනාගේ ලිංගික හැසිරීම් ඔහු විසින් වීඩියෝ කර තිබෙන අතර පසුව ඔහු එය මිතුරන්ගේ ජංගම දුරකථනවලට යවා ඇති බවට ඇය පැමිණිලි කර තිබෙනවා.
