Gossip

“අවුරුදු 16 ට අඩු දරුවන් 21 කට කොරෝනා.. දරුවන් 300 ක් නිරෝධායනයේ..” – මෙරට කොරෝනා රෝගීන් ගැන හෙළිවූ අලුත්ම තොරතුර මෙන්න

වයස අවුරුදු 16 ට අඩු දරුවන් 21 දෙනෙකුට මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පවසා තිබෙනවා.
මෙම දරුවන්ගේ තත්ත්වය අයහපත් නොවන බවත් ඇතැම් දරුවන් සුවවී නිවෙස්වලට ගොස් ඇති බවත් වාර්තා වනවා.
මෙම දරුවන් කොරෝනා වෛරසට ගොදුරු වී ඇත්තේ තම දෙමව්පියන්ගෙන් සහ ළඟ ඥාතීන්ගෙන් බවද සඳහන්.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් දරුවන්ට එතරම් සංකූලතා ඇති නොවන බවත් ලොව පුරා වාර්තාවලින් පෙනී යන බවත් වැඩිදුරටත් ඇය පවසා තිබෙනවා.
කොරෝනා වෛරසය ආසාදනවී ඇතැයි සැකපිට මේ වනවිට දරුවන් තුන්සීයකට ආසනන පිරිසක් නිරෝධායනය වෙමින් සිටින බවද සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!