ජනප්රිය සංගීතඥයෙකු වූ ජයන්ත රත්නායක මහතා ඊයේ පෙරවරුවේ අභාවප්රාප්ත වුණා.
ඔහු මියයනවිට 51 වැනි වියේ පසුවුණා.
ප්රවීණ සංගීතඥයෙකු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් පුතු ලෙස මෙලොව එළිය දුටු ජයන්ත රත්නායක මහතා මහරගම අපේක්ෂා රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදීයි අභාවප්රාප්ත වුණේ.
දෙදරු පියෙකු වූ ජයන්ත රත්නායක මහතාගේ අවසන් කටයුතු අද පස්වරු 3 ට තලාහේන පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ.
