රුසියාවේ අවන්හලකදී සාදයක් පැවැත්වූ පාතාල කල්ලි නායකයකු වූ ඇලෙක්සැන්ඩර් පෙස්ටෝකෝව් සාහසිකයකු විසින් වෙඩි තබා මරා දමා තිබෙනවා.
අදාළ පාතාල කල්ලි සාමාජිකයා මෙම සාදය පවත්වා අත්තේ සයිබීරියාවේ නෝවෝකුස්නෙස්ටික් නගරයේ අවන්හලකදීයි.
ඒ, තමන් සිරෙන් නිදහස් වීමේ ප්‍රීතිය හේතුකොටගෙනයි.
මේ අවස්ථාවේ ඔහු වෙත සමීපවූ සාහසිකයකු සයිලන්සරයක් සවිකළ පිස්තෝලයකින් ඔහුට වෙඩි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
2008 දී සැප්සිටෝස්කි පාතාල කල්ලිය ආරම්භ වූ අතර ඇලෙක්සැන්ඩර් එහි නායකයා බවයි වාර්තා වන්නේ.
