Gossip

අවදානම තියනවා : හරියට හැසිරෙන්න

වසංගත රෝග ඒකකයේ අධ්‍යක්ෂ  විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

අද (20) දිනයේ සිට ඇඳිරි නීතිය ලිහිල් කරමින් සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගෙන යාමට අවස්ථාව ලබා දුන්නද සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් පිළිපදින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනතාවට අවධාරණය කරයි.

ඇඳිරි නීතිය ලිහිල් කළ ද රෝගය ව්‍යාප්ත වීමේ අවධානම සම්පූර්ණයෙන්ම පහව ගොස් නැති බව සමරවීර මහතා ප‍්‍රකාශ කරයි.

අත්‍යවශ්‍ය අය පමණක් පිටතට පැමිණෙන ලෙසත් සෙසු අය තවදුරටත් නිවෙසටම වී සිටින ලෙස හෙතෙම කියයි.

පොදු ප‍්‍රවාහන සේවය භාවිතා කිරීමේදී ඉඩකඩ සහිතව ගමන් කළ යුතු බවත් උපදෙස් පරිදි පරතරය තබා ගත යුතු බවත් ඊට ජනතාවගේ සහය ද ලැබිය යුතු බවත් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

චතුර පමුණුව

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!