නව කොරෝනා හෙවත් කෝවිඩ් 19 වෛරසය ආසාදනය වු ලෝකයේ ළාබාලතම බිලිඳා ලන්ඩනයෙන් වාර්තා වනවා.
අලුත උපන් බිළිදෙකුට මෙලස සිය මවගෙන් වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.
උපත ලබා පැය කිහිපයක් තුල මෙම බිළිඳාට වෛරසය ආසාදනය වී ඇති අතර මේ වන විට දරුවාගේ තත්වය සුව වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
කොරෝනා වෛරසයේ තිබිරි ගෙය ලෙස සැලකෙන චීනයේ වෛරසය ව්‍යාප්තිය මේ වන විට අඩු වුවද යුරෝපයේ රටවල් රැසක වෛරසය ව්‍යාප්තිය වැඩි වී තිබෙන්නේ.
ලෝකයේ රටවල් 150 කට වැඩි සංඛ්‍යාවකට මෙම කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇති අතර පුද්ගල මරණ 6500 ඉක්මවා ඇත.