Gossip News

අරක්කු කාල කුප්පිය තහනම් කරනවා… සැෂේ පැකට්ටුව ගැනත් අවධානය

අරක්කු කාල කුප්පිය තහනම් කිරීමට කටයුතු කරන බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

කාල කුප්පිය මගින් පරිසරයට විශාල හානියක් සිදුවන බවත් අරක්කු නිෂ්පාදන සමාගම් නැවත එම කාල කුප්පි එකතු කර ගන්නේ නැති බවත් අමරවීර මහතා කීය.

භාවිතා කර පරිසරයට ඉවතලන අරක්කු කාලේ කුප්පි විශාල ප‍්‍රමාණයක් දෛනිකව හමුවන බවත් ඒවා ප‍්‍රතිචක‍්‍රීකරණයට යොදා නොගැනීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවත් ඇමැතිවරයා කීය.

අරක්කු නිෂ්පාදන සමාගම් මෙම කාල කුප්පි මත යම් අගයක් (ඩිපොසිට්) පනවා අලෙවි කර ඒවා යළි එකතු කර ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කතිකාවක් සිදුකර නැති බවත් ඇමැතිවරයා පැවසීය.

අරක්කු කාල කුප්පිය මෙන්ම සැෂේ පැකට්ටු ද තහනම් කිරීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා කීය. පිටි සහ ෂැම්පු ආදිය අලෙවි කිරීමට යොදා ගන්නා සැෂේ පැකට් මගින්ද පරිසරයට විශාල හානියක් සිදුවන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!