ශ්‍රී ලංකාවේ පසුගිය 21වනදා කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් සිදු කළ ප්රහාරයන් පැලිගැනීමක් බව ඉස්ලාමිය රාජ්‍ය හෙවත් ISIS ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල්-බග්දාදි වීඩියෝ පටයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.
ISIS ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විමර්ශනයේ යෙදෙන අමෙරිකානු අන්තර්ජාල බුද්ධි ඒකකය ප්‍රකාශ කර ඇත්තේ ISIS ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල්-බග්දාදි වසර 05 කට පසුව මෙම වීඩියෝ පටයක් නිකුත් කර ඇති බවයි.
මෙම ත්‍රස්ත නායකයා 2014 වසරට පසුව නිකුත් කරන ලද පළමු වීඩියෝව ද මෙය බව වාර්තා වනවා.
ඔහු මෙම වීඩියෝව පසුගිය 18වනදා රූගත කර ඇති බව වාර්තා වන අතර පසුව එම වීඩියෝවට හඬ පටයක් එක් කොට ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය එල්ල කරන ලද ප්‍රහාරකයින් සම්බන්ධයෙන් සිය ප්‍රශංසාව පළකර තිබේ.
ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් ඉකුත්දා එල්ලවූ ප්‍රහාරය සිරියාවේ Baghouz ප්‍රාන්තයේදී තම කණ්ඩායම ලද පරාජයට පළිගැනීමක් ලෙස ISIS ත්‍රස්ත නායකයා එම වීඩියෝ පටයේ සඳහන් කර ඇත.
ජාත්‍යන්තර නිරීක්ෂකයින් සඳහන් කරන්නේ ISIS ත්‍රස්ත නායකයා ශ්‍රී ලංකාව තුල සිදුවූ බෝම්බ ප්රහාරයන් හරහා සිය සංවිධානයට මේ වන විට උදාවී ඇති පසුගාමීත්වය නැති කර ගැනීමේ උත්සහයක යෙදෙන බවයි.
ඔහු විසින් ශ්‍රී ලංකවට අමතරව මාලි හිදී ප්‍රංශ සාම සාධක හමුදාවන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන්ද සිය සතුට පළකර ඇත.
ඉදිරියේදී තම ත්‍රස්ත සංවිධානය අතින් ගිලිහුණු ඉරාකය සහ සිරියාවේ භුමි ප්‍රදේශ තමන් සතුකර ගන්නා බවටද එම වීඩියෝව හරහා ප්‍රකාශ කර ඇති අතර තම සංවිධානයට එරෙහිව ක්‍රියාත්මක අමෙරිකාව ප්රමුඛ මිත්‍ර පාර්ශවිය රටවලට එරෙහිව අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබේ.
සිරියාවේ මොසුල් හිදී අවසන් වරට ISIS ත්‍රස්ත නායකයා සිදුකරන ලද වීඩියෝවෙන් අණතුරුව ඔහු පිළිබඳව කිසිඳු තොරතුරක වාර්තා නොවීය.
මීට පෙර ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර සිටියේ අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මෙම ත්‍රස්ත නායකයා මිය යන්නට ඇති බවයි.
