මාස 10ක් වයස ඇති නිවුන් බිළිඳියන් දෙදෙනෙකු තම මව විසින් අද උදෑසන තියුණු ආයුධවලින් පහර දී මරාදමා තිබෙනවා.
මේ විදියට ඝාතනය කළ දරුවන් දෙදෙනා සමන්තුරේ – නින්දවූර් ඉම්මිරූම් පාසල පාරේ නාන කමරය තුළ තිබී පොලීසිය සොයාගන තිබෙනවා.
සැකකාර මව 26 වන වියේ පසුවෙන අතර ඇය මානසික ආබාධයකට ප්‍රතිකාර ගත් අයෙකු බවට වාර්තා වී තිබෙනවා. මේ වෙනකොට ඇයව කල්මුනේ උතුර රෝහලට ඇතුළත් කර ඇති බවට වාර්තා වෙනවා.