පැතිරීයන කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බටහිර වෛද්‍ය විද්‍යාව කලබල වුණත් ආයුර්වේදය මෙය බරපතල රෝගයක් ලෙස නොගන්නා බවත් ආයුර්වේද වෛද්‍ය සම්ප්‍රදාය තුළ අනාධිමත් කාලෙක සිට මෙවැනි බෝවන රෝග සඳහා ප්‍රතිකර්ම තිබූණු බවත් කොරෝනා යනු ආයුර්වේදයට අනුව උන රෝගයක් පමණක් බවත් බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍ය නිලධාරී, ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලාධාරීන්ගේ ජාතික සංවිධායක වෛද්‍ය ඩී. කේ . ඒ. දේවගිරි මහතා පවසයි.
මෙහිදී දේවගිරි මහතා පෙන්වා දුන්නේ මේ අවස්තාවේදී අප සැවොම රටක් විදිහට එකී ආයුර්වේද වත් පිළිවෙත් හා ප්‍රතිකර්ම පිළිබඳ විශ්වාසය තබා අතීතයේ විසූ ශ්‍රී ලංකිකයින් මෙන් කටයුතු කළහොත් කොරෝනා වෛරසය ඉතා ඉක්මනින් මෙරටින් තුරන් කළ හැකි බවයි.
දුම් ඇල්ලීම , කැඳ පානය හා කොරෝනා වෛරසය සුව වීම අතර ඇති අනේයා්න්‍ය සම්බන්ධතාව පිළිබඳ මෙහිදී අදහස් දැක් වූ ඒ මහතා කියා සිටියේ වේදු ඇල්ලීම (දුම් ඇල්ලීම) ආයුර්වේදයේ එන ප්‍රත්‍යක්ෂ ප්‍රතිකර්ම විදිහක් බවයි. නමුත් හැම කෙනෙක්ටම හැම දුමක්ම සුදුසු නැති බව අවධාරනය කළ හෙතෙම කියා සිටියේ ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් නැතත් මදුරු තලා වැනි ඕනෑම කෙනෙකුට සුදුසු ඖෂධයක් පමණක් වුවත් දමා දුම් ඇල්ලීම මගින් ඕනෑම වෛරස් රෝගයක් සමනය කළ හැකි බවයි.
කැඳ පානය මගින් උණ රෝග සුව වේ යැයි තමන් විශ්වාස නොකරන බව කී දේවගිරි මහතා වැඩි දුරටත් කියා සිටියේ කැඳ වර්ගවලින් ශරීරයේ ප්‍රතිශක්ති කරනය වර්ධනය කිරීමට දායකත්වයක් ලැබෙන බවයි. මෙහිදී විශේෂයෙන්ම කොළ කැඳ පානය කිරීමේදී සැලකිලිමත් විය යුතු බව කී ඒ මහතා කැකුළු හාල්වලින් පිස ගත් ලුණු කැඳක් වුවත් ශරීරයේ ප්‍රතිශක්තී කරණය නැං වීමට හේතු වන බව අවධාරණය කළේය.
කොරෝනා රෝගී අවස්තාවේදී ජනතාව පිළිපැදිය යුතු ආකාරය හා දුම් වර්ග කැඳ වර්ග ,පාන වර්ග පිළිබඳ නිවැරදිව දැනුම්වත් වීමට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
අරුණ.