කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා අගුලු දමා ඇති ජර්මනිය ඉතා ඉක්මනින් නැවත විවෘත කළහොත් දැනට වෛරසය පැතිරීමේ වේගය අඩු කිරීමෙන් රට අත්පත් කර ගෙන ඇති ප්‍රගතිය දිය වී යනු ඇතැයි ජර්මනියේ චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කල් අනතුරු ඇඟවීමක් කළාය .
ජර්මන් පාර්ලිමේන්තුව අමතමින් කථා කළ චාන්සලර්වරිය කියා සිටියේ ජර්මනිය තවමත් සිටිනුයේ කොරෝනා වෛරස් අර්බුදයේ ආරම්භක අවස්ථාවේ මිසක අවසන් අවස්ථාවේ නොවන බවයි .”අපිට කොරෝනා වෛරසය සමග තවත් දිගු කලක් ජීවත් වීමට සිදු වේවි. කිසි කෙනෙකු මෙය ඇසීමට කැමති වෙන එකක් නැහැ .එහෙත් සත්‍ය එයයි ” ඇය අවධාරණය කළාය .
ජර්මනියේ මධ්‍යම රජය හා ප්‍රාන්ත රජයන් එක්ව ඉකුත් මාර්තු 22 වැනිදා සිට රට උරා ක්‍රියාත්මක කර තිබු දැඩි නීති රීති සහිත අගුලු දැමීමේ ක්‍රියාමාර්ගය ඉකුත් සඳුදා (20දා ) සිට තරමක් ලිහිල් කරමින් කුඩා සාප්පු විවෘත කිරීමට පියවර ගත්හ .
කෙසේ වුවද විශාල ජනකායක් මෙම කුඩා සාප්පු ව්වෘත කිරීමත් සමගම ඒ වටා එක් රොක් වීම නිසා සැම අයෙකුම එළිමහනට යාමේදී මුහුණු ආවරණයක් පැළඳිය යුතු බවට නිර්දේශ කිරීමට ජර්මන් බළධාරීන්ට සිදු විය
ඒමන්ති මාරඹේ
