වෙන්වීම කියන්නේ දුකක්.
සමහර වෙලාවට අපි ළඟ ඉන්න අය ආයෙත් නොඑන්නම ගියොත් ඒක දරාගන්න කෙනෙකුට අමාරුයි.
අපි මේ කියන්න යන්නේ අන්තර්ජාලය පුරා හුවමාරු වුණු ඡායාරූපයක් ගැනයි.
අවසන් ගමන් යන තාත්තාව කරමතින් රැගෙන යද්දී ඒ අසල සිටින පුංචි පුතෙකුට පහළ වුණු සිතුවිල්ලක් ගැනයි මේ..
අප්පච්චි දුර යන්න හදනවා මටත් නොකියම දැන්..
ආයෙමත් මං ඉල්ලන්නෙ නෑ නුඹෙන් නම් මොකවත්..
අම්මා අඬනවා මට නොතේරෙන නිසා වෙන්නැති දැන්..
නිදාගත්තා ඇති ඉතිං නැගිටින්නකෝ දැන්වත්…
මං අඬනකොට හැමදාම ළඟ ඉඳන් සුරතල් බස් දෙඩූ..
අම්මා අඬනවා කතා කරන්න කියලා මොහොතක් සුදූ..
නුඹේ හුරතල් බස් අහන්න ආයෙමත් එන්නෙම නෑළු..
මාත් අඬනවා අප්පච්චි නුඹ නාවොතින් නම් මින් මතූ….
