ප්‍රවීණ ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මිය ඊයේ රාත්‍රියේ සිය නිවසේදී ඝාතනය කර තිබුණා.
ඇයගේ මරණය සම්බන්ධයෙන් ප්‍රියානිගේ දියණිය මාධ්‍ය වෙත පවසා තිබුණේ මෙවැන්නක්.
රෑ හතට හත හමාරට විතර අනේ හෂී මාව බේර ගන්න කියලා අම්මා කෑ ගහනවා මට ඇහුණා. මම දුවගෙන කාමරයට ගියා. යද්දි කවුරුත් හිටියේ නැහැ.
කතුරක් බිම වැටිලා තිබුණා. අම්මගේ ඇගේ තුවාල තිබුණා”
ඇයගේ පුතනුවන් පැවසුවේ මෙවැන්නක්.
මම යද්දී අම්මා හුස්ම අදිනවා. ඉක්මනට රෝහලට අරගෙන ගියා. යද්දි අම්මා නැතිවුණා.
