නැගෙනහිර උතුරු මැද සහ තවත් දිස්ත්‍රික්ක කීපයක උණුසුම් දර්ශකය (මිනිස් සිරුරට දැනෙන උණුසුම) අද (11 වැනිදා) වැඩි අගයක් ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මන්නාරම, වවුනියාව, මුලතිව් සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවලද ඇතැම් ස්ථානවල උෂ්ණත්වය වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ත් 41ත් අතර අගයක් ගනී.