Gossip

අගුළු ගැල වූ ජර්මනියෙන් කොරෝනා පොකුරක් මතු වෙයි

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා අගුලු දමා තිබු ජර්මනියේ එම අගුලු දැමීමේ නීතිරීති ලිහිල් කිරීමත් සමගම නැවත විවෘත වූ පල්ලියකින් කොරෝනා ආසාදිතයින් 112 කින් යුතු ආසාදිත පොකුරක් හා කොරෝනා ආසාදනයට ගොදුරු වී සිදු වූ මරණයක් වාර්තා වී ඇති බව ජර්මන් මාධ්‍ය විසින් ඊයේ (14දා ) වාර්තා කර තිබේ.
මෙම කොරෝනා ආසාදිත පොකුර වාර්තා වී ඇත්තේ උතුරු ජර්මනියේ පිහිටි ” බ්‍රෙමර්හේවන් ” නගරයේ පිහිටි ජර්මන්  පල්ලියක මෙම ජුනි මස මුලදී පැවති දේව මෙහෙයකට සහභාගී වූ පුද්ගලයන්ගෙන් බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
මෙහිදී කොරෝනා වෛරස් ආසාදනයෙන් මිය ගිය පුද්ගලයාට එම වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත්තේ ඔහු මිය යාමෙන් පසුවය. මේ වන විට “බ්‍රෙමර්හේවන් ” නගරයේ බලධාරීහු  මිය ගිය ආසාදිතයා ඇසුරු කළ අය සෙවීමේ මෙහෙයුමක් දියත් කර තිබේ.
මෙම කොරෝනා ආසාදිත පොකුර පිළිබඳව කලින් වාර්තා වුවද “බ්‍රෙමර්හේවන් ” නගරයේ බලධාරීන් මේ පිළිබඳව ප්‍රසිද්ධ කර ඇත්තේ එම ආසාදිත පොකුර 44 ක් දක්වා වර්ධනය වීමෙන් පසු ඉකුත් සිකුරාදාය (12දා ). කෙසේ වුවද ඊයේ වන විට එම ආසාදිතයින්ගේ සංඛ්‍යාව 112 ක් දක්වා වර්ධනය වී තිබිණි. අදාළ දේව මෙහෙයට 150 දෙනෙකු පමණ සහභාගී වී ඇති බව වාර්තා වී තිබේ. මෙයට පෙරද  මැයි මස 10 වැනිදා ෆ්‍රෑන්ක්ෆර්ට් නගරයේ පිහිටි පල්ලියක දේව මෙහෙයකට  සහභාගී වූ  40 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණු අතර  “මැක්ලන්බර්ග් -බටහිර පොමරේනියා ” ප්‍රාන්තයේ කතෝලික පුජකවරයෙකු දේව මෙහෙයන් සඳහා කොරෝනා වෛරසයෙන් ආසාදිතව සිටියදී මෙම ජුනි මස මුළදී නගර තුනකට ගමන් කිරීම හේතුවෙන් ඔහුව ඇසුරු කළ 12 දෙනෙකු නීරෝධායනය සඳහා යොමු කර තිබිණි,
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!