රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා හොරෙකු බවට ඔප්පු කළහොත් තමන් වහන්සේ ගෝල්ෆේස් එකට ගොස් බෙල්ල කපාගෙන මියයාමට සූදානම් බව පූජය අඹන්වෙල ඥානාලෝක හිමියන් පවසා තිබෙනවා.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ජාතික විද්වත් සංසදය මගින් පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.
තමන් රනිල් වික්‍රමසිංහ මහතාව හඳුනන්නේ අවුරුදු 11 සිට බවත් එතුමා සැලෙන නායකයෙක් නොවන අතර එතුමා හෙට වුණත් ගෙදර යන්න සූදානම් බවත් උන්වහන්සේ කියා සිටියා.
අග්‍රාමාත්‍යවරයා රැකගැනීම සඳහා මහා සංඝරත්නය ඇතුලු විද්වතුන් එක්වී සිටින බවත් එය මහාසංඝරත්නයට ගෞරවයක් බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.
