පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අවසන්ව දින 6 ක් ගතවුනත් තවමත් ආණ්ඩුව තුළ මතුව ඇති අර්බුදය අවසන් වී නැහැ.
ආණ්ඩුව තුළ ප්‍රධානම අර්බුදය මතුව ඇත්තේ අග්‍රාමාත්‍යධුරය සම්බන්ධයෙන්. කෙසේවෙතත් ඊයේ දිනයේ අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ තමන් ධුරයෙන් ඉවත් නොවන බවයි.
කෙසේවෙතත් අග්‍රාමාත්‍යවරයාගේ ධුරය සම්බන්ධයෙන්ද නිත්‍යානුකූල ගැටලුවක් පවතින බව ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පවසනවා.
19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (2) වගන්තියට අනුව අගමැතිවරයා පත්කළ පසු ඔහුව ධුරයෙන් ඉවත් කරන කිරීමට හැකිවෙන්නේ තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බවට හෝ ලියමනක් දීමෙන් හෝ විශ්වාසභංගයකට භාජනය වීමෙන් එය පරාජයට පත්වීමෙන් පසුව බවයි.
නමුත් අගමැතිවරයෙකු ඉවත්වෙන්න නොහැකියි කිවහොත් ඔහුව ඉවත් කරන ආකාරය ව්‍යවස්ථාවේ සඳහන් නොමැති බවත් එය දුර්වලතාවයක් බවටත් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා.
පෙර තිබූ පරිදි ජනාධිපතිවරයාට සිය අභිමතය පරිදි අගමැතිවරයාව ධුරයෙන් ඉවත් කළ නොහැකි බවත් ඔහු පෙන්වා දෙනවා.
එමෙන්ම අද වන විට ශ්‍රී ලංකාවේ ජාතික ආණ්ඩුවක් නැති බවත් ජාතික ආණ්ඩුව සදහා අත්සන් කළ ඒ අවබෝධතා ගිවිසුම පසුගිය දෙසැම්බර් මාසෙන් වූ බවත් ඔහු කියා සිටියා.
ජාතික ආණ්ඩුව සඳහා වූ ගිවිසුම අවසන් වීමත් සමගම අමාත්‍ය මණ්ඩලයට හෝ අගමැතිට පැවැත්මක් නැති බව ආචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ජාතික ආණ්ඩුවක් පදනම වුනේ අවබෝධතා ගිවිසුම නමුත් අද ඒ අවබෝධතා ගිවිසුම අත්සන් කර හෝ දර්ඝ කර නැති නිසා අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරිය යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.
එම නිසා අගමැතිට රැදෙන්න බලයක් නැති බවත් අමාත්‍ය මණ්ඩල ගන්න තීරණ සහ අගමැතිතුමාගේ ප්‍රකාශ සහ තීරණ බල රහිත බවත් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළා.
අගමැති ධුරයෙන් අයින් වෙන්න බෑ කිව්වොත් කරන්න පුළුවන් එකම දේ මෙන්න
