රනිල් වික්රමසිංහ මහතා අග්රාමාත්යධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා නීතිපතිවරයාගේ හා නීති විශාරදයින්ගේ උපදෙස් ලබාගත් බව පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා පවසනවා.
ඒ මහතා ඒ බව පැවසුවේ අද දහවල් (16) ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සමඟ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුවයි.
කෙසේවෙතත් 19 වන සංශෝධනය අනුව අගමැතිවරයා ධූරයෙන් ඉවත් කිරිමට ඇති හැකියාව සම්බන්ධයෙන් මෙහිදී උපදෙස් ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
