ඉන්දියාවේ දී මියගිය බවට වාර්තාවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “අංගොඩ ලොක්කා” නොහොත් ලසන්ත පෙරේරා මෙරට අයථා ලෙස උපයාගත් සියලු දේපල රාජසන්තක කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා.
ඊයේ (10) පැවති මාධ්‍ය හමුවේක දී ඔහු මේ පිළිබඳ ප්‍රකාශ කර තිබුණා.
“පසුගිය දිනෙක ආන්දෝලනාත්මක මරණයක් පිළිබඳ වාර්තා වුණා. “අංගොඩ ලොක්කා“ නොහොත් ලසන්ත පෙරේරා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු පිළිබඳව. එම මරණය නීත්‍යානූකූලව තහවුරු කර ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා අදාළ රාජ්යන්ත්රික මට්ටමින් කටයුතු කරමින් තිබෙනවා“ යනුවෙන් ඒ මහතා පැවසීය.
“ඊට අදාළ ශ්‍රී ලංකාවෙන් ලබා දිය හැකි සියලුම තොරතුරු මේ වන විට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හරහා ලබාදීමට කටයුතු කරලා තියෙනවා. මිය ගිය බවට නිල වශයෙන් තහවුරු කිරීම් මේ දක්වා ලැබිලා නැහැ“ යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය
