Gossip

අංගොඩ ලොක්කාගේ මරණය තහවුරුයි

පාතාල නායක අංගොඩ ලොක්කා හෙවත් ලසන්ත පෙරේරා ඉන්දියාවේ දී මරණයට පත් වූ බව තහවුරු වී ඇතැයි ඉන්දීය ආරක්ෂක අංශ සනාථ කරයි.

ආර්. ප්‍රදීප් සිං නමින් ඉන්දියාවේ ව්‍යාපාරිකයකු සේ සැඟවී සිටිය දී ඉකුත් ජුලි 03 වැනිදා ඔහු මිය ගිය බව එරට පොලිසිය තහවුරු කරගෙන තිබේ.

මෙම ඝාතනය සම්බන්ධව අංගොඩ ලොක්කාගේ පෙම්වතිය වූ අමානි තන්ජි නමැති අය (රත්තරන්ගේ බිරිඳ) ඇතුළු තිදෙනකු කොයිම්බතුරේ පොලිසිය විසින් පෙරේදා (02වැනිදා) අත්අඩංගුවට ගෙන ඇතැයි ද මාධ්‍ය පවසයි.

මදුරෙයිහි පදිංචි සිවකාමි සුන්දාරි, එස් තියාපේරුමන් සහ අමානි තන්ජි (27) යන අය මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආර්. ප්‍රදීප් සිං නමින් අනුවර්තන නමකින් අංගොඩ ලොක්කාට ආධාර් කාඩ්පතක් (Aadhar card) ඇතුළු හැඳුනුම්පත් ව්‍යාාජ ලෙස සකස් කරදීම හා අංගොඩ ලොක්කාගේ සිරුර රෝහලෙන් රැගෙන යෑමට ව්‍යාජ ලිපි ඉදිරිපත් කිරීමේ චෝදනා යටතේය.

මෙම මරණය සියදිවි නසා ගැනීමට තැත් කිරීම නිසා සිදු වූ බවට මරණ පරීක්ෂණයේ සඳහන්ව ඇති බවට ඉන්දීය ආරක්ෂක අංශ මගින් මෙරටට අනාවරණය කර ඇත.

ඉකුත් ජුලි 03 වැනිදා රාත්‍රියේ හෘදයාබාධයක් බව කියමින් කොයිම්බතුර් රෝහලට ඇතුළත් කළ පසු අංගොඩ ලොක්කා හෙවත් ලසන්ත පෙරේරා මරණයට පත් වූ බවට ඉකුත් ජුලි 22 වැනිදා වන විට මෙරටට ආරංචි විය. ඒ සම්බන්ධ පසු දින (23දා) ජාතික පුවත්පත්වලද පළවිය. මේ ගැන බුද්ධි අංශ විමර්ශනයක් ද ඇරැඹිණි.

මෙරට සිටි අපරාධකරුවකු වූ රත්තරන්ගේ බිරිය වන අමානි ඉන්දියාවේ දී අංගොඩ ලොක්කාට වස දුන් බවට තොරතුරු ලැබිණි.

මෙම ඝාතනයට ඉතාලි චමින්ද නමැති අංගොඩ ලොක්කා සමග හිතවත්ව සිට විරසක වූ පාතාල සාමාජිකයකු හවුල් බවද සඳහන්ය. ඔහු තම ​සොයුරා වූ රත්තරන්ගේ බිරිය වන අමානි භාවිතා කර මෙම ඝාතනය කර ඇති බවද මෙරට බුද්ධි අංශ අනාවරණය කරයි.

අංගොඩ ලොක්කා තමාගේම පාතාල කල්ලියේම සිටි ඉතාලි චමින්ද සහ අංගොඩ චීටි ඇතුළු හිතවතුන් මරා දැමීමට කුමන්ත්‍රණයක් දියත් කළ බව හෙළිවීමෙන් පසු ඉතාලි චමින්ද මෙම ඝාතනය සැලැසුම් කර ඇතැයි පැවැසේ.

2017 ජනවාරියේ සුරංග කුමාර හෙවත් රත්තරන් නමැති අය (අංගොඩ ලොක්කාගේ කල්ලියේ අයෙක්) ඝාතනය වන්නේ කඩුවෙල සමයං කල්ලිය අතිනි. එම ඝාතනයෙන් පසුව අංගොඩ ලොක්කා රත්තරන්ගේ බිරිය ඉන්දියාවට ගෙන්වා ගෙන කොයිම්බතුර්හි නිවසක ඇය අනියම් බිරිය සේ තබාගෙන ඇත.

අංගොඩ ලොක්කා හදිසියේම නිවසේ දී සිහි මුර්ජා වී වැටුණු බව පවසමින් ඔහු රෝහල් ගත කර ඇත්තේ අමානිය. රෝහලේ දී මිය ගිය පසු සිරුර ව්‍යාජ ලියකියැවිලි ඉදිරිපත් කර ඉන්දීය ජාතිකයකු සේ ආදාහනය කර ඇතැයිද හෙළි වී ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!