Gossip

හුග දෙනෙකු නොදන්නවා වුණාට මම ‘මතින්තොර රටක්’ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සම්බන්ධ වෙලා වැඩ කළා- දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

අප කතා කරමු ඔබේ ආරම්භය ගැන?
ඇත්තටම අතීතය හරිම සුන්දරයි. ඒ සුන්දරත්වය යළි යළිත් සිහිපත් කරන්නත් මම ආසයි. පාසල් යන කාලයේ මම සංගීතයට යොමු වුණේ මගේ පාසල අනුලා විද්‍යාලය. එහි ඇදුරුතුමිය, මෙන්ම විශාරද මංජුලා විතානගේ, බී. වික්ටර් පෙරේරා යටතේ නන්දමාලිනි මහත්මිය යටතෙත් මම සංගීතය ඉගෙන ගත්තා.ඒ කාලේ මට මතකයි වර්තමානයේ ඡායාරූප ශිල්පියෙකු හා ගායන ශිල්පියකු ලෙස නමක් දිනා සිටින දයාන් විතාරණ, ‘එපා තවත් මා රවටන්නට’ ගීතය ගයන වසන්තා තිලකාංගනි, උදයේ සුපිපුණුු මලක් බඳු, …මාගේ නංගීගේ නමයි සුදු’ ගීතය ගයන දමයන්ති ඒකනායක. ගුරු උපදේශකවරයකු වන නලින් අල්විස් වගේ අය නන්දා මාලිනි මහත්මිය යටතේ සංගීත ඉගෙන ගත්තා. ඒ අය තමයි සමකාලීනයන් විදිහට දැනට ක්‍ෂේත්‍රයේ ඉන්නේ.

‘ආජු තපර ලාහිලා බීජි තපර ලාහිලා…’
ගීතය එක රැයකින් ජනප්‍රිය වුණ ගීතයක් අද මේ ගැන ඔබට තියෙන්නේ මොන වගේ අදහසක්ද?
ඒක තමයි ඔන්න බලන්න ඒකෙත් හැටි නේද? ඔය ගීතය කියන කාලේ මම අනුලා විද්‍යාලයේ ශිෂ්‍යාවක්නේ. මමත් හිතුවේ නැහැ ඔහොම ජනප්‍රිය වෙයි කියලා. විජය ධර්ම ශ්‍රී මහත්මයාගේ ඒකාංගික ටෙලි නාට්‍යයකට තමයි ඔය ගීතය මම ගැයුවේ. ඒකට ලස්සන නැටුමක් ඉදිරිපත් කළේ රංජන් හා රමණි බර්තෝලමියුස් ශිල්පිනියයි. අනේ ඉතිං ටික කාලයකට පස්සේ රමණි අනතුරකින් මිය ගියානේ. කොහොම වුණත් උදේ මම ඉස්කෝලේ යන්න කළුබෝවිල ඉස්පිරිතාලේ ළග බස්නැවතුම්පලේ ඉන්නකොට ස්කූල් බස්වල යන ළමයි ඔය ආනන්ද, නාලන්ද පාසල්වල ළමයි බස් එකට ගහගහා ඔය සිංදු, කිය කියා යනවා. මට හරි සතුටුක් දැනුණා. මුලින් ඔය ගීතය ප්‍රචාරය වුණේ 1985 දී දවසක. ඒ ගීතයට වචනවලින් සංගීතයෙන් වගේම රංජන් හා රමණි ඉදිරිපත් කළ නර්තනයත් හොඳට ගැලපුණා.

අද එහෙම ජනප්‍රිය වෙන ගීත බිහි නොවන්නේ ඇයි?
සමාජය එන්න එන්න සංකීර්ණ වුණාම මිනිස්සුන්ගෙ විවේකය අඩු වුණා. මොනතරම් ගුවන්විදුලි නාලිකා හා රූපවාහිනි නාලිකා තිබුණත් ඕවා අහන්නෙ බලන්නෙ කීයෙන් කීදෙනාද?ඒ වගේම අද බිහි වෙන ගීත බහුතරයක් තියන්නේ කුමනාකාරයටද යන්න ඒ වා අහන බුද්ධිමත් ශ්‍රාවකයො දන්නවා. ඒ වගේම බලන්න ඒවායේ රූප රචනා කොහොමද? නිතර සිප වැළඳගැනීම් පෙම්වතියට කම්මුල් පහරවල් ගහන පෙම්වතුන් දෙන්නකුට ආදරය කරන හෝ ඒ සඳහා පොළඹවන හරසුන් දේවල් ඉතිං සමහර අය හිතන් ඉන්නවා මේවා තමයි හොඳම දේවල් කියලා. වෙනත් දේවල් නැති නිසා. ඒ වගේම මහ අමුතු රැල්ලකට ගමන් කරන්නෙ මේවායේ ඛේදවාචකය දැන් දැන් අපි අත් විඳිනවා. තව වසර කිහිපයකින් මෙහි ආදීනවයන් දැක ගන්නට පුළුවන්. තවමත් මේ මාෆියාවෙන් සංගීත ලෝකය බේරා ගන්න අවස්ථාව තියෙනවා. වගකිවයුත්තන් ඉදිරිපත් විය යුතුයි. මාධ්‍ය හරිදේ අගය කරල ශ්‍රාවකයන්ට පෙන්වාදිය යුතුයි.

ඔබ රජයේ ගුරුවරියක ලෙස කටයුතු කරනවා
ඔව් මම රජයේ සංගීත ගුරුවරියක ලෙස කටයුතු කළා. මම වාසනාවන්ත වුණා මම ඉගෙන ගත්ත අනුලා විද්‍යාලයේ සංගීත ගුරුවරිය වෙන්න. ඊට පස්සේ පානදුර සාරික්කාර මුල්ල ගොරකාන කනිෂ්ඨ විද්‍යාලයේ ඉගැන්නුවා. එය අපේ මහ ඇදුරු ඩබ්ලිව්. ඞී. අමරදේව මහතා අධ්‍යාපනය ලැබූ පාසල. තවත් කාලයක් කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගැන් වූවා. පසුගියදා මම මගෙ ගුරු ජිවිතයෙන් විශ්‍රාම ගත්තා. වෙනත් බලාපොරොත්තුවක් හිතේ තියාගෙන ඒ තමයි මගේ සංගීත ශාලිකාවේ දරුවන් වෙනුවෙන්.හුග දෙනෙකු නොදන්නවා වුණාට මම ‘මතින්තොර රටක්’ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සම්බන්ධ වෙලා වැඩ කළ එහි තේමා ගීතය ගැයුවේ මම. එය රචනා කළේ පමිත ආර්. ලියනගේ සංගීතය තනුව මගෙන්. මේ වැඩසටහනට සහාභාගි වුනාට පසුව මම දැක්කා ගොවියන් වකුගඩු අමාරුවෙන් දුක් විඳින. හැටි මත්ද්‍රව්‍ය ලබාගෙන ජීවිත විනාශ කරගත්ත අය ඔවුන්ගේ පවුල්වල අය විඳිින වේදනාව අපි හැමෝම එකතු වෙලා අපේ රටේ මත්ද්‍රව්‍ය නිවාරණයට සහයෝගය දෙන්නට ඕනේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!