පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසය මීට ටික වෙලාවකට පෙර අවසන් කළා.
දින හතරක් තිස්සේ සිදුකළ උපවාසය නිම කළ උන්වහන්සේ ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරුණා.
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි සහ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා සිය තනතුරුවලින් ඉල්ලා අස්වූ බව නිළ වශයෙන් දැනුම්දීමෙන් අනතුරුව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සිය උපවාසය අත්හැර දැමීමට තීරණය කළ බවයි වාර්තා වන්නේ.