හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා යුද හමුදාව සහ නාවික හමුදාව අතර ඊයේ පැවති රග්බි තරඟයේ දී සිය කණ්ඩායමේ හිටපු නායක යෝෂිත රාජපක්ෂ සිහිකරමින් අත්පටි පැළඳ ක්‍රීඩා කළ බව කියන ක්‍රීඩකයින් සිව්දෙනෙකු නාවික හමුදා රග්බි සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.
ඔවුන්ගේ අත්වල ” YO 07″ නැමැති නාමය සඳහන් පටි පැළඳ තිබුණි.
නාවික හමුදා ප්‍රකාශක කපිතාන් අක්රම් අලෙවි මහතා පැවසුවේ ඔවුන් රග්බි සංචිතයෙන් ඉවත් කර විනය පරීක්ෂණයක් පවත්වන ලෙසට නාවික හමුදාපතිවරයා උපදෙස් දී ඇති බවයි.
යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදා රග්බි කණ්ඩායමේ හිටපු නායකයා වන අතර මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ඔහු මේවන විට රිමාන්ඩ් භාරයේ පසුවෙයි.