නාච්චාදූව වැවෙහි බිලී පිති ආශ්‍රෙයන් මසුන් දඩයම් කරන එස් එම් ෆාරුක් මහතා ට මෙම ආදා හමුවී ඇත.සාමාන්‍ය ආදන් ඇල්ලීමේ ක්‍රමයට අනුව බිලී කටුවකට මෙම ආදා හසුවී ඇතත් මෙම සත්වයා සම්පූර්ණයෙන්ම බිලී කටුව නොගිලීම නිසා මරණයට පත් වී නොමැත.
ආදන් සාමාන්‍යයෙන් බෝ වන්නේ (පැටව් දමනුයේ)ලවණ සහිත ජලයේය.නමුත් ඔවුන් වර්ධනය වන්නේ මිරිදිය ජලයේය.කලපු ආශ්‍රිතව බිත්තර දමන ආදන් ජල මාර්ග දිගේ හෝ ජල ගැලීම් ආදියට හසුව මිරිදියට පැමිණෙන අතර එසේ පැමිණීමේදී වන හානි නිසාවෙන් ආදන් දුලභ වී ඇත.අපට විශ්වාස කළ නොහැකි තරමේ ජීවන චක්‍රයක් හිමි මෙම සත්වයින් සාමාන්‍යෙයන් දුඹුරු පාටට හුරු අදුරු පැහැයක් ගන්නා අතර මෙම හමුවී ඇති ආදා අඩි දෙකහමාරක් පමණ දිග රන්වන් පැහැයට හුරැ කහ පැහැති මාළුවෙකි.
මෙම සත්වයා දැක ගැනීමට විශාල ජනතාවක් ඒ සී එම් නියාස් මහතාගේ නිවසට ඊයේ සවස් වරුවේ සිට පැමිණෙමින් සිටී.මෙම සත්වයා නිරීක්ෂණය කිරීම සදහා ජලජීවි ව්‍යාපෘති නිලධාරී එච් ජී සී මධුසංක,පො.කො. නිෂාන් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. මෙවැනි රන්වන් පැහැති ආදෙකු මීට පෙර දැක නැති බවද ප්රදශෙවාසීන් පවසති.
