ඊයේ (12) සවස ප්රභූ වාහන කිහිපයක ත්රීරෝදක් ගැටී දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බවට වාර්තා වෙනවා. මෙම සිද්ධිය වාර්තා වෙන්නේ බුත්තල පොලිස් බල ප්රදේශයේ මහගොඩයාය ප්රදේශයෙන්. මොනරාගල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ මෙම රථ පෙල වැල්ලවාය දෙස සිට මොනරාගල දෙසට ධාවනය වූ තිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.
අනතුරින් පසු ප්රභූ රථ වල අංක තහඩු ද ගලවා දැමූ බව ප්රදේශයේ ජනතාව පවසනවා.
මෙසේ අනතුරට ලක් වී ඇත්තේ මැදගම ප්රදේශයේ පදිංචි දෙදෙනකු වන අතර අනතුර සම්බන්ධයෙන් එම රථ වාහන සියල්ලක්ම බුත්තල පොලිසිය වෙත රැගෙන ගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන බුත්තල පොලිසිය සිදු කරන බවට වාර්තා වෙනවා.
ප්රභූ ආරක්ෂාව සදහා ඉදිරියෙන් ගමන් කළ ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථය ධාවනය කළ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
