අනුෂ්කා ෂර්මා තවමත් කැමති ඇගේ මව අදින සාරි ඇදගෙන ගමන් බිමන් යන්නලු.පුංචි අවධියේ මෙන් ගේ ඇතුලෙ ඇවිදින්න නම් නෙවෙයි.ප්‍රසිද්ධ උත්සව වැනි විශේෂ අවස්ථා වලට ඇය සහභාගි වන්නෙ මවගෙ සාරි ඇද ගෙනය.
‘ පුංචි කාලයේ ඉදන්ම මම මගෙ අම්මා අඳින සාරි දිහා බලන් හිටියෙ හරිම ආසාවෙන් අම්මා සමහර දවස් වලට පාටි එකකට යන්න ලෑස්ති වෙන කොට මම අම්මා අදින සාරි හොදට පරීක්ෂා කරල බලනවා.ඒ විතරක් නෙවෙයි Makeup ගැනත් හොදට හොයල බලනවා’
එදා අනුෂ්කා තම මවගෙ ඇදුම් පැලදුම් දෙස එලෙස උනන්දුවෙන් සොයා බැලුවා.ඒ මතක සටහන් අලුත් කිරීම අනුෂ්කාට සතුටක් ඒ නිසයි ඇය මවගෙ සාරි ඇද පැලද ගන්නෙ.
අනුෂ්කාගෙ පියා හමුදා නිලධාරියෙක් ඒ හේතුවෙන් ඔහුට ඉන්දියාවෙ විවිධ පළාත් වලට සේවය කිරීමට සිදුවුනා.ඉතිං පියාත් සමග විවිධ ප්‍රදේශ වල පදිංචියට යෑමට අනුෂ්කාටත් මවටත් සිදුවුණා.
අපි රට වටේම ගියා.ඒ ගමන් වලදි විවිධ ප්‍රෙද්ශ වලට ආවේණික වූ ස්වදේශීය සාරි ගොඩක් මිලදී ගන්න අම්මට පුළුවන් වුණා.ඒ නිසා අම්මාට හොද ලස්සන සාරි එකතුවක් තිබුණා.ඒ සාරි අදත් මම ගමන් බිමන් යන්න අදිනවා.අනුෂ්කා මුව පුරා සිනාසෙමින් කීවාය.
