තරු හුට පට

මේ කරන්නේ දේව විශ්වාස වලට ගැරහිල්ලක්ද? ඉරාජ්ට නොදෙවැනි විරාජ්ගේ විප්ලවය! (වීඩියෝ)

viraj-b

 

“දෙවියෝ” යන මේ වචනය තරම් මනුෂ්‍ය වර්ගයා අතර කුතුහලය දනවන ලෙසින් මුල් බැසගත් අනෙක් වචනයක් නැති තරම්ය.

තුන්වන ලෝකයේ රටවල මිනිස්සු නම් ඉතා විශාල වශයෙන් දෙවියන් අදහනවා. ඒ අතරින් ඇතැම් පිරිස් දෙවියන් විශ්වාස කරන්නේ නෑ. සමහරු දෙවියන් විශ්වාස  කරනවා.

එක එක්කෙනාගේ එක එක සමාජ මට්ටම් අනුවත් සමාජයේ හැසීරීම් අනුවත් ආර්ථිකමය පසුබිම අනුවත්  එක එක පුද්ගලයෝ ඒ දේවල් වලට යොමු වෙනවා. ඒක පුද්ගලයින් අනුව  සාපේක්ෂ  සහ නිරපේක්ෂ  මට්ටමක තියෙන්නේ.

වර්ථමාන ලෝකයේ නම් විශාල වශයෙන් මේ දෙවියන්ව ඉදිරියට දමාගෙන  හොඳ මුහුණු පෙන්වාගෙන අමුතු අමුතු ජවණිකා සිදුවෙනවානේ.

ඒ කියන්නේ  මුලාව, වංචාව,  ක්‍රෝදය ගැටුම් පවා ඇති වු  අවස්ථා ඕනෑතරම් අහලා දැකලා තියෙනවානේ.

හැබැයි දැන් මේ අපි කියන්න යන්නේ මේ දෙවියන් ගැනනම් නෙවෙයි. මේ දෙවියන්  ඉදිරියට දමාගෙන සමාජය තුළ සිදුවු සිදුවීම් මාලාවක් ඇතුළත් ගීතයක්  මේ වන විට එළියට දාලා තියෙනවා.

හැබැයි මේ  ගීතය  බැලුවාම සමහරුන්ට නම් හිතෙන්න පුළුවන් මේ දෙවියෝ එහෙම විචේචනයට ලක්වෙන විදියේ වැඩක්ද මේ කරලා තියෙන්නේ කියලා. හැබැයි එහෙම දෙයක් මේ මියුසික් වීඩියෝ නම් නෑ.

අපට තේරෙන විදියට නම් මේ මියුසික් වීඩියෝවෙන් පෙන්නුම් කරලා තියෙන් මුලාවෙන් තොර වංචාවෙන් තොර සමාජටක් සඳහා මග පෑදීමක් කියලයි.

මේ දවස්වල  වැඩිදෙනා අතර කතා බහ කරන මියුසික් වීඩියෝ අතරින් මේ  මියුසික් වීඩියෝව ගැනත් ගොඩක් පිරිස කතා කරයි කියලයි අපේ නම් හැගීම.

මේ දවස්වල වැඩි දෙනා කතා කරන මියුසික් වීඩියෝනේ  ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කරන “ මම සිල් බිඳ ගත්තේ“ ගීතය සහ   අනෙක් එක තමයි “ මනුසතා“ ගීතය.

ඒ ගීත අතරට වැඩිදෙනා කතා බහ කරන මියුසික් වීඩියෝවක් බවට මේ වීඩියෝවත් පත්වෙයි. මේ වීඩියෝව නම් කරලා තියෙන්නේ “කැබිලිත්තෙන් දැන්“   කියලයි. මේ ගීතයෙන්  නිර්මානකරු තමයි දෙරණ ඩ්‍රීම් සිටර් කෙනෙකු වන විරාජ් භාතිය.

ඔයාලම බලන්නකෝ මේ මියුසික වීඩියෝව කොහොමද කියලා පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!