තරු හුට පට

භූමි කම්පාව ඉවෙන් දැනී බල්ලා පණ බේරාගන්න දුවන හැටි – (වීඩියෝව)

10

මේ මේ කාලවලදී මේ මේ ප්‍රදේශවල භූමි කම්පාවක් සිදුවීමට ඉඩ කඩ ඇතැයි භූ විද්‍යඥයින් අනාවැකි කියද්දී භූමිකම්පාවක් වෙන්න ඔන්න මෙන්න තිබියදී එය දැනගෙන වහා එම ස්ථානයෙන් දිවයන සතුන් කොට්ඨාසයක් ලෙස සැලකෙන සුනඛයින් එහෙමත් නැතිනම් බල්ලන් ගැන ඔබ අසා නැතුවා නොවේ. එම අනතුර ගැන ඉව දැනෙන විටම සුනඛයින් කරන්නේ එම ස්ථානයෙන් පලායන බව අසා තිබුණත් එවැන්නක් සජීවීව දැක ඇති ලොවපුරා ජනතාවගෙන් අඩු පිරිසක් විය හැකියි.

එම කාරණයට කදිම උදාහරණයක් සපයන අවස්ථාවක් පිළිබඳ වීඩියෝවක් අන්තර්ජාලයේ මේවන විට සීඝ්‍රයෙන් සංසරණය වෙමින් තිබියදී එම වීඩියෝව ගැන ඔබ දැනුවත් කරන්නයි මේ අරමුණ. වීඩියෝවේ දක්නට ඇති ආකාරයට විදේශ රටක මහල් කිහිපයක ගොඩනැඟිල්ලක් භූමි කම්පාවකින් සෙලවීමට මත්තෙන් එහි සිටි සුනඛයෙකු අනතුරේ ඉව දැනී වහා එම ස්ථානයෙන් දිව යන ආකාරය එහි දැක්වෙයි. 2010 වසරේ එකී භූමිකම්පාව සිදුව ඇති බව ද එම වීඩියෝවේ සටහන් වනවා. එහෙත් මෙය සිදුව ඇති රට ගැන සඳහනක් දක්නට ලැබෙන්නේ නෑ.

පහත වීඩියෝව නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!