කොටුව දුම්රිය ස්ථානයේ සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් මේ වන විට දුම්රිය ප්‍රමාදයක් පවතින බව වාර්තාවෙයි.
දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ අද අළුයම 05.45 සිට දුම්රිය වේදීකාවන්හි ආරම්භක සංඥාවල දෝෂයක් පවතින බවයි.
සංඥා පද්ධතිය යථා තත්ත්වයට පත් කිරිමට මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සඳහන්ය.
අද අළුයම සිට කොටුව දුම්රිය ස්ථානයට ඇතුළුවන සහ එම දුම්රිය ස්ථානයෙන් පිටත්වන සියලුම දුම්රියන් සංඥා පද්ධතියේ දෝෂය හේතුවෙන් පැයකට වැඩි කාලයක් ප්‍රමාද වූ බව පාලක මැදිරිය පැවසුවේය.
ඉහත ඡායාරූපයේ පෙන්නුම් කරණුයේ මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානය ආසන්නයේදී ගත් ඡායාරූපයකි.
